Saturday 4 August 2012

බයිසිකල් චෙන්

බයිසිකලයක චෙන් එක රෝදයට සවි කිරීමෙන් පසුව එහි උඩටත් සහ පහළටත් අඟලක බුරුලක් තිබිය යුතුය. ලොක් එක ගැලවීම සඳහා වෙනම අයුධ ඇත. විශේෂයෙන්ම මොටෝර් බියිසිකල්වල චෙන් සවි කිරීමේදී එවැනි  අයුධයක් පාවිච්චි කල යුතුය. ලොක් එක ගැලවිමේදීද  එවැනිම ක්‍රියාවක් සිදු කල යුතුය. ලොක් එක නැවත දැමීමේදී එය ඇන්ටි ක්ලොක් විසේ  යන ආකාරයට සවි කල යුතුය. 

මෝටර්බයිසිකල් රිපෙයාර්



යාලුවනේ මේක මගේ පළමු වෙනිම බ්ලොග් එක. මම ගොඩක් දුරට කලපනා කල අපි ඔක්කොම මොටෝර් සයිකල් පදිනවා නේ. නමුත් කීයෙන් කී දෙනාද හරියටම දන්නේ මොටෝර් සයිකලයක් පාවිච්චි කිරීමේදී දන ගත යුතු කරුණු  මොනවද  කියල. විශේෂයෙන්ම technical පැත්ත ගැන. ඒ හින්ද තමයි මම තීරණය කලේ අපේ යාලුවන්ගේ දන ගැනීම පිණිස මම දන්නා දේ ඔබ අතරේ බෙදා දෙන්න. මට වැඩිය දන්නා අය ඉන්න පුළුවන්. මේගැන කිසිම දෙයක් නොදන්නා ය අතරේ බෙදා දීමයි  මගේ අරමුණ. ඒ වගේම මේ ගැන දැනුමක් ඇති ඔබත් ඔබගේ දැනුම අන් අය අතරේ බෙදා දෙන්න.

ස්පොකට් සිස්ටම්





මෙහි ගියර් එක සොයා ගැනීම සඳහා පසුපස ස්පොකෙට් එකේ ඇති දැති ගණන බයිසිකලයේ ඉදිරිපස ස්පොකෙට් එකේ ඇති දැති ගණනින් බෙදිය යුතුය. එවිට එහි ගියර් අනුපාතය ලැබේ. උදාහරණයක් වශයෙන් ඉදිරි පස  ස්පොකෙට් එකෙහි ඇති දැති ගණන T10 කි  පසුපස ස්පොකෙට් එකේ ඇති දැති ගණන T30 කි. 30/10 = 3:1 අනුපාතය. පසුපස රෝදය සම්පුර්ණ වටයක් ගමන් කිරීමට ඉදිරි පස ස්පොකෙට් එකින් වට 3 ක් යායුතුය. එහි අනුපාතය 3:1 වශයෙනි.  

බයිසිකලයක වේගය වැඩි කිරීම සඳහා මෙහි වෙනස් කමක් සිදු කිරීමෙන් එහි වේගය අඩු හෝ වැඩි කර ගත හැක. නමුත් එහි පිකුප් එකද ඒ අනුව වෙනස් වේ. ස්පොච්කෙට් ගෙවී ඇත්දැයි  දන ගැනීම සඳහා එහි දත් උල්වී ඇත්නම් හෝ එහි එක පැත්තකට අලවි ඇත්නම් එම ස්පොච්කෙට් එක ගෙවී ඇතැයි සිත ගැනීමට පුළුවන 

Wednesday 1 August 2012

ටයරයේ කල් ඉකුත්වීම

ටයරක් බාවිතයෙන් ඉවත්වීමේදී පිහිටීම 



රුපය 1.
නියමිත වායු පීඩනයට වඩා වායු පීඩනය අඩුවෙන් යොදා දාවනය වීම නිසා මෙසේ ගෙවී යාම සිදුවේ.

රුපය 2.

 නියමිත වායු පීඩනය ටයරයේ කාල සීමාවට අනුව දාවනය වීම නිසා මෙසේ ගෙවී යාම සිදුවේ. 
රුපය 3.
මෝටර් සයිකලයක නියමිත වායු පීඩනයට වඩා අඩු වායු පීඩනයක් යටතේ මාස 28 කට වඩා වැඩි කාලයක් එකම ස්ත්නයක තැබීම නිසා බර රදා ඇති පෙදෙස කම්බි, කැන්වස්, රබර් තද වීම නිසා මෙසේ ගෙවී යාම සිදුවේ. 

රුපය 4.
 මෙම රෝදයට සම්බන්ද shocks, absorber එක ක්‍රියා විරහිත වීම නිසා දවනයේදී මෙසේ ගෙවී යාම සිදු වේ.

රුපය 5. 
මෙම රෝදයට සම්බන්ද දුනු දුර්වල වීමත් බෙයාරින්ග් බුෂ් වල දුර්වල වීමත් නිසා දවනයේදී මෙසේ ගෙවී යාම සිදු වේ.

රුපය 6.
 නියමිත වායු පීඩනයට වඩා වැඩි වායු පීඩනයක් සහිතව දාවනය වීම නිසමෙසේ ගෙවී යාම සිදු වේ


ටයරයක ඔබ දන සිටිය යුතු කරුණු 


මෝටර් සයිකලයක යොදා ගනු ලබන දාවන රෝදයක නිෂ්පාදිත පිරිවතට අනුව රීම් සයිස් එක මනිනුයේ අඟල් වලිනි. මෙය විෂ්කම්බයේ මිනුම ලබා ගනී. යොදා ගනු ලබන ටයරයේ බැලූන් ප්‍රමාණයද අඟල් වලින් හඳුන්වයි.